Thursday, January 28, 2016

පෞරුෂය හැඳින්වීම

පෞරුෂය හැඳින්වීම
            පෞරුෂය අර්ථකථනය කිරීමත්, පෞරුෂය පිළිබඳ අධ්‍යයනය කිරීමත් සියවස් ගණනාවක් පුරා අඛණ්ඩව සිදුවූ හා සිදුවන ක්‍රියාවලිය කි. මානව චර්යාව සම්බන්ධයෙන් පෞරුෂය එතරම් වැදගත් . අතීතය තුළ පෞරුෂය බාහිර සාධකයක් ලෙස සිතා විශ්වාසය  මත පදනම්ව මානව චර්යා ක්‍රියාත්මක විය. පසුකලෙක එය බාහිර සාධකයක් නොව ස්වීයත්වය බව හෙලිවි . පෞරුෂය යනු පොදු සංකල්පය කි. සෑම මානවයකුට පෞරුෂයක් ඇත. පොදු සමාජ ගැටලුවක දී දෙදෙනෙකු දක්වන ප්‍රතිචාර දෙවිධිකි. අනුව සමාජ උත්තේජක හමුවේ දක්වන ප්‍රතිචාරයන්හි අගය ඔහු තුළ වූ පෞරුෂය ප්‍රකාශ කරයි.
            මානව චර්යාව සම්බන්ධව පොදු සංකල්පයක් වන පෞරුෂය ජීවිතයේ වැදගත් අංශයක් ලෙස සලකා දාර්ශනික වශයෙන්, සමාජ විද්‍යාත්මකමනෝ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක ආදී විවිධ විෂය කරුණු තුළ සාකච්ඡා කෙරෙන සුවිශේෂී සංකල්පය කි. පෞරුෂ අධ්‍යයනයේ දී සිදු කරනුයේපුද්ගලයාට සමාජ අන්තර් සබඳතා මනාව ගොඩනගා අභිමතාර්ථ සඵල කරගනිමින් සමාජ හිතකාමී, පරාර්ථය ඉටුකරන අයෙකු නිර්මාණය වන්නේ කෙලෙස ? මිනිස් දුර්වලතා සමුච්ඡේදනය කොට මධ්‍යස්ථ පුද්ගලයෙකු බවට පත් කිරීමට අවශ්‍ය මානව ධර්ම මොනවා ? ආදී කරුණු කෙරෙහි .
            මනෝ විද්‍යාව තුළ පෞරුෂය තරම් නිර්වචන හා අර්ථකථන වෙනත් කිසිදු සංකල්පයක දක්වා නැත. මානව චර්යාව සම්බන්ධයෙන් එය එතරම් වැදගත් . පෞරුෂය සම්බන්ධ එකඟතාවයක් මනෝ විද්‍යාඥයන් අතර තවමත් නැත. ඕල්පෝට් මනෝ විද්‍යාඥ  ඔහු පවසන්නේ පළමුව  මිනිසුන් සමාන , දෙවනුව මිනිසුන් ඇතැමුන් සමග සමාන , තෙවනුව  මිනිසා කිසිවකු හා වත් සමාන නැත. (111, සම්පරීක්ෂණ මනෝවිද්යාවේ මූලිකාංග)
            අනුව පෞරුෂයෙහි ගතිකත්වය විවිධ සාධක මත සිදු වෙයි. සමාජ, ආරථික, අධ්‍යාපනික, ආධ්‍යාත්මික ආදි සාධක අතර වේ. (දැනුම, බුද්ධිය, තර්කනය, ආකල්ප, කුශලතා) පෞරුෂය පිළිබඳව පොදු සංකල්පයක් ලෙස දැක්විය  හැකි වන්නේ කෙනෙකු තවත් කෙනෙකුගෙන් වෙනස්වන සාධකය පෞරුෂය වන බව යි. විවිධ මනෝවිද්‍යා ගුරුකුල හා දාර්ශනික මත ඔස්සේ පෞරුෂය අර්ථකථනය කොට ඇත ඒවා අවසන් නිරීක්ෂන හෝ නිර්වචන නො වේ.
            “පෞරුෂයමෙය පුරුෂත්වය හෝ ස්ත්‍රීත්වය හඟවන පදයක් නොව පුද්ගල ස්වභාවයන් ගැන කියැවෙන සංකල්පය කි. පුළුල් අර්ථයක් සහිත ගවේෂනික පදයකි. පෞරුෂය ඉංග්‍රීසි භාෂාව තුළ personality වන අතර මෙම පදය ලතින් භාෂාවේ වචනයක් වන persona යන වචනයෙන් බිඳී ආවක් ලෙස සැලකේ. මෙහි සාමාන්‍ය අර්ථය වන්නේස්වීයත්වයයන්න යි. මෙම ස්වීයත්වය එකිනෙකාට බෙහෙවින්ම අනන්‍ය වූව කි. සමාජයේ අන්‍යෝන්‍ය වශයෙන් සබඳතා පවත්වමින් ජීවත් වන්නන් තම තමාගේ ස්වීයත්වය නිසියාකාරයෙන් වටහා ගන්නවා මෙන්ම තමා සමග ජීවත් වන්නන්ගේ ස්වීයත්වයන් වටහා ගත යුතු . එය අඩදබර වලින් තොර සමාජයක් උදෙසා නියත වශයෙන් උපකාරී වන නිසා වෙනි. පුද්ගල පෞරුෂය පිළිබඳ ලොව විවිධ දාර්ශනිකයින් මනෝවිද්‍යඥයින් විවිධාකාර වූ අදහස් ඉදිරිපත් කොට ඇතමුල්කාලීන මිනිසුන් පෞරුෂත්ව ලෙස පිළිගනු ලැබූයේ පුද්ගලයා තුළ කැපී පෙනෙන කඩවසම් ලක්ෂණ . නමුත් පසුකාලීනව පිළිගනු ලැබුණු කරුණක් වන්නේ උක්ත සාධකය පෞරුෂය මැනීමේ ඉතා සියුම් ඒකකයක් පමණක් බව යි. (ධර්මාඤ්ජලී, දළුක්කැටියේ බුද්ධරක්ඛිත හිමි, 381 පිට).
            1937 දී ඕල්පොට් නම් මනෝවිද්‍යාඥයා පෞරුෂය සම්බන්ධ නිර්වචන 50ක් පමණ දක්වා ඇත. එම නිර්වචන කාණ්ඩ දෙකක් යටතේ සාකච්ඡා කොට ඇත.
            1. මතුපිටින් නිරීක්ෂණය කළ හැකි බාහිර සහ වාස්තවික හැඩහුරුකම් අවධාරණය කරන නිර්වචන (persona)
            2.         යටින් ඇති අභ්‍යන්තරික ගති ලක්ෂණ වාස්ථවික නො වන චර්යාත්මක ස්වභාවයන්  හා පුද්ගලබද්ධ සාධක ආශ්‍රයෙන් ඉදිරිපත් වූ නිර්වචන
            පුද්ගල පෞරුෂය යනු බාහිර හා අභ්යන්තර ගති ලක්ෂණවල එකතුවක් ලෙස ඔහු සලකන ලදි. අනුව ඔහු දක්වන්නේ,
            “පුද්ගලයා සිය පරිසරයට සැකසෙන්නේ අද්විතීය ලෙස . එම සැකසීම තීරණය කරන මනෝ භෞතික පද්ධති පුද්ගලාභ්‍යන්තරය තුළ දී ගතික ලෙස සංවිධානය වේ. මේ ගතික සංවිධානය පෞරුෂය යි.
            පුද්ගලයා සිය පරිසරයට සැකසීම, මුහුණදීම සිදුකරනු ලබන්නේ පුද්ගලයා සතු බුද්ධිය, ආකල්ප, කුශලතා මතය. අභ්‍යතර සාධකයන්හි අගය මත පුද්ගලයාගේ සැකසීම තීරණය කරයි. එම සැකසීම එනම් සංස්කරණය කරගත් දේ අනුව පුද්ගලයා ක්‍රියාත්මක වේ. එම ක්‍රියාවලිය ජීවිතයේ යාව ජීව රටාවක් ලෙස පවති යි.
            “පෞරුෂය පුද්ගලයාගේ සමස්ථ චර්යාව හා බැඳෙන බව
විශ්ලේෂී අධ්‍යයනයන් තුළින් 1950 දී පමණ කැටෙල් අදහසක් දක්වා ඇත. සමස්ථ චර්යාව ලෙස හඳුනාගනු ලබන්නේ පුද්ගල ජීවිතයේ යාව ජීව චර්යාව යි. හොල් සහ ලින්ඞ්සි (1970) “මිනිස් ජීවිතයේ ලක්ෂණය වන නැවත නැවතත් සිදුවන අන්තර්පුද්ගල අවස්ථාවන්ගේ සාපේක්ෂ ලෙසින් චිරස්ථායි රටාව පෞරුෂයවන බව යි. අයිසෙන්ක් (1966) Englishname ආරය සහ පරිසරය මගින් නීර්ණය කරනු ලබන පරිදි ජීවියාගේ නියම හෝ විභව්‍ය චර්යා රටාවන්ගේ සමස්ථ එකතුව පෞරුෂය යි. එම චර්යා රටාවන් සංවිධානය වීම සඳහා අංශ හතරක් සාධක වන අයුරු දක්වා ඇත.
            1.         ප්‍රජානන අංශය
            2.         යාත්නික අංශය
            3.         ආවේදනීක අංශය
            4.         දෛනික අංශය
මනෝ විශ්ලේෂණීය මතයක් ලෙස ඉඞ් අහංභාවය, උපරි අහංභාව, යන පද්ධතීන්ගේ අන්තර් ක්‍රියාවන්හි ඵලය මිනිස් පෞරුෂය යි ලෙස නිර්වචන කරයි. මේ අනුව පුද්ගලයා දිගුකාලීනව පුරුදු පුහුණු කරන ලද බුද්ධිය, චරිතය, මන ප්‍රකෘති, සදාචාර ආකල්ප, කුශලතා සියල්ල පුද්ගල පෞරුෂය වටා එකතු වී ඇති බව හඳුනා ගනී.
            මනෝ විද්‍යාඥයන්ගේ පෞරුෂ නිර්වචනයන්ට අනුව පෞරුෂය යනු යම් පුද්ගලයකු අන්‍යයන්ගෙන් වෙන්කොට සුවිශේෂී අයෙකු බවට පත්කරන එම පුද්ගලයාටම සුවිශේෂී ආවේණික වූ සිතුවිලි හැඟීම් හා හැසිරීම් යන සියල්ලේ සමස්ථ එකතුව යි. Nelson miller (1995) සහ Zuckerman (1996) යන මනෝ විද්‍යාඥයන්ට අනුව යම් පුද්ගලයෙකුට සුවිශේෂී වූ සාපේක්ෂ වශයෙන් ස්ථාවර වූ චර්යා සිතුවිලි හා චිත්තවේග රටාවන්පෞරුෂයනම් වේ. Friedman සහ Schustack (1999) අනුව අන්‍යයන්ගෙන් වෙන්වූ අය ලෙස මිනිසුන්ට ඔවුන් සතු සුවිශේෂී බව ලබාදෙන මනෝවිද්‍යාත්මක ශක්තීන්පෞරුෂයනම් වේ.
            මනෝවිද්‍යාව තුළ පෞරුෂය යන්න නිරන්තර අධ්‍යයනයන්ට ලක්වන විෂය පථය කි. අනුව පෞරුෂය පිළිබඳ විවිධ මනෝවිද්‍යා ගුරුකුල ඔස්සේ අධ්‍යයනය කොට ඇත. අනුව,
            1.         මනෝගතින එළඹුම්
            2.         පශ්චාත් ‍‍ෆ්‍රොයිඩියානුවාදී එළඹුම්
            3.         මානවවාදී එළඹුම්
            4.         චර්යාවාදී හා සමාජ එළඹුම්
            5.         ගතිලක්ෂණ එළඹුම්
            මනෝ ගතික එළඹුම්වල දී පෞරුෂය විග්‍රහ කොට දක්වන්නේ අවිඥානිකව පවත්නක් මෙන්ම මනෝලිංගික අවධීන් ගණනාවක් ඔස්සේ සංවර්ධනය වන්නක් ලෙස යි. පෞරුෂය අවබෝධ කරගැනීමේ යතුර අවිඥානය බව ඔවුන්ගේ මතය යි. පශ්චාත් ෆ්‍රොයිඩියානුවාදීන් වූ Karen horney  (1885-1952) Corl jung (1875-1961) Alfred adler  (1870-1937) ආදී මනොවිද්‍යාඥයන් මනෝ ගතික එළඹුම් සංවර්ධනය කරමින් විවිධ මත පළකොට ඇත. අනුව පෞරුෂයේ මූලයන් මනුෂ්‍ය පැවැත්මේ ආරම්භය දක්වා දිවෙන බව කාල් යුංග් දක්වා ඇත. හොනි දක්වන අන්දමට පෞරුෂය යනු හුදු ජීව විද්‍යාත්මක නිමැවුමක් නොව එය හැඩගැස්වී මෙහිලා සමාජීය අත්දැකීම් හා සංස්කෘතිය ඉතා වැදගත් භූමිකාවක් උසුලන බව යි. ඇඞ්ලර් දක්වන අදහස වන්නේ පුද්ගලයාට දැනෙන හීනමානය පෞරුෂය සකස් වීමෙහිලා වැදගත් බව යි. මේ ආදී වශයෙන් මනෝ ගතික එළඹුම් න්‍යායවාදීන් පෞරුෂය හඳුනාගෙන ඇත.
            මානවවාදී එළඹුම් න්‍යායවාදීන් වූ ක්දරක Corl rars (1902-1987) Abaraham  maslow (1908-1970) ආදී මනෝ විද්‍යාඥයින් දක්වන්නේ පුද්ගලයා තුළ වර්ධනය සඳහා ඇති  හැකියා , තම දෛවය තමා විසින් තෝරා ගැනීමේ ඇති නිදහස හා ධනාත්මක මානව ගුණාංගයන්හි එකතු පෞරුෂය බව යි. අවශ්‍යයතා ධුරාවලියේ දී පුද්ගලයාට ළඟාකරගත හැකි මට්ට අනුව පෞරුෂය නිර්වචනය වන අතර පුද්ගල පෞරුෂය - ස්වීයත්වය ලෙසත් පූර්ණ ක්‍රියාකාරී පුද්ගලයා සැබෑ ස්වීයත්වය සාධනය කර ගැනීමේ සඳහා සියලු ශක්‍යතාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි බව පෞරුෂය බව දක්ව යි.
            චර්යාවාදී එළඹුම් ඉදිරිපත් කරන මනෝ විද්‍යාඥයින් අතර (skinner b.f) දක්වන පෞරුෂ විග්‍රහයේ දී පෞරුෂය යනු අන් කිසිවක් නොව බාහිර පරිසරය මගින් තීරණය කරනු ලබන නිරීක්ෂණය කළ හැකි පිටතට පැහැදිලිව පෙනෙන පුද්ගල චර්යාව යි. Albert bandura හා Wallter mischel යන සමාජ ප්‍රජානනවාදීන් දක්වන අදහස වන්නේ පෞරුෂය අභ්‍යන්තර සාධක තුළින් ඇතිවන දෙයක් ලෙසත් චර්යාවන්. පරිසරය හා ප්‍රජානන සාධක පෞරුෂය අවබෝධ කරගැනීමේ දී වැදගත් වන බවත් ය.
            ගති ලක්ෂණ න්‍යායවාදීන් අතර Gordon allport (1819 – 1967) Hans eysenck (1916-1997) ආදී මනෝ විද්‍යාඥයින් දැක්වේ. ඔවුන්ට අනුව පෞරුෂය තැනී ඇති මූලික තැනුම් ඒකකයගති ලක්ෂණවන බවයි.
            පුද්ගල චරිතය හා ප්‍රකෘතිය පෞරුෂයේම කොටස් දෙකකි. අනුව චර්යාවත් - අභ්‍යන්තරයත් යන්න අංශ දෙකක් ලෙස ඇතැම් විට උභය ගම්‍යයක් ඇති බව මෙහි දී අවබෝධ කරගත හැකි වේ. “අන් අය ඔබ කෙරෙහි අවධානය යොමු කරලීමේ දී පවත්නා ලක්ෂණ පෞරුෂය ලෙස ඇතැම් විට දක්වා ඇත. එය චර්යාත්මක හෝ අභ්‍යන්තර ගති ලක්ෂණ විය  හැකි . 1919 දී ජේ. කෙම්ප් දක්වන්නේසිරිත් පරිදි ඇතිකරගත් සැකසීම එයට ආවේණික ආත්ම කේන්ද්‍රීය ප්‍රේරණ සහ පරිසරයේ අවදානම් තත්තවයන් යන අංශ දෙක අතර ඇතිවන ජීව වස්තූන්ගේ බලයන් පෞරුෂත්වය යියනුවෙන් සඳහන් කරයි.
            1921 දී මෝටර් ප්‍රින්ස්පෞරුෂය යනු ජීව විද්‍යාත්මක අංශ සමූහයක් වන සහජ ගති සංවිධානයත්, අවේග, හැකියා, අභිරුචි සහ පුද්ගලික ආශයන් සහ ලබාගත් හැකියා ගති සංස්ථාපනය පෞරුෂය වේ.
            “මිනිසුන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කම් සොයා බලන වැදගත් මතයක් ගැන සොයා බැලීමක් පෞරුෂත්ව ලක්ෂණයන්ගෙන් කෙරේ.” යනුවෙන් ඕල්පොට් (1924) දී දක්වා ඇත.
            “පුද්ගලයාට සුවිශේෂී වූ එම පරිසරයට අනුව ඔහුගේ චර්යාව නියත කරවන පුද්ගලයා තුළ ඇති මනෝ ගතික පද්ධතීන්ගෙන් සමන්විත ගතික සංවිධානය පෞරුෂත්වය වේ.
1928 දී සීමෙන්ඞ්ස් පෞරුෂත්වය යනු චරිත පමණක් නොව ඒවායේ ප්‍රතික්‍රියා පමණක් නොව පුද්ගල ජීවිත සැකසීම සහ ජීවිත ඉතිහාසය ඇතුළත් බව යි. අනුව සමාජ ප්‍රබෝධාත්මක අගය පෞරුෂය ලෙස විග්‍රහ කොට ඇත.

            මේ ආදී වශයෙන් විවිධ මනෝ විද්‍යා න්‍යායවාදීන් හා මනෝ වෛද්‍යවරුන්, විද්‍යාඥයන් පෞරුෂය පිළිබඳ විවිධ සාධක ඔස්සේ පෞරුෂය නිර්වචනය කිරීමට උත්සාහ ගෙන ඇත. අනුව වර්තමාන මනෝ විද්‍යාව පෞරුෂය යන්න සංකල්පීය නිර්මිතයක් සේ සලකන අතර පෞරුෂත්වය විද්‍යමාන නො වූවත් කෙනෙකුගේ සිතුම් පැතුම් චර්යා මගින් එය අවබෝධ කර ගැනීමට හා අර්ථකථනය කිරීමට හැකියා ඇති බව ප්‍රකාශ කරයි. අනුව පෞරුෂය පිළිබඳ ගැටලු කිහිපයකට අතීතයේ සිට පිළිතුරු සෙවීමෙහි නිරතව සිටින අතර අනුව විවිධ සාකච්ඡා පෞරුෂය පාරභෞතික සංකල්පයේ සිට විද්‍යාත්මකව හැදෑරිය හැකි ප්‍රස්තුතයක් සේ වර්ධනය වී ඇත.

21 comments:

  1. ගොඩක් වැදගත්

    ReplyDelete
  2. Columbia T-Shirt - The T-Shirt | T-Shirt
    Discover the latest Columbia T-Shirt design. titanium network surf freely Made 2014 ford fusion energi titanium from titanium canteen a blend of t-shirt and titanium men\'s wedding band hoodie, this iconic T-Shirt is titanium fat bike tailor made to fit every type of t-shirt.

    ReplyDelete